පරිගණක Games කලාවේ දශක ගණනාවක් පුරා 👑 කිරුළු පලදා සිට්න ක්රීඩාවක් පිළිබඳ මෙම ලිපියන් ඔයාව දැනුවත් කිරීමෙ බලාපොරොවෙන් මෙ post එක දාන්න හිතුවෙ.
මුලින්ම කියන්න ඕන මේ ගේම් එක ඔයාල හොදටම දන්න ගේම් එකක් , ඒවගෙම ටිකක් පරණ ගේමක් කීවොත් නිවැරැදි .
GTA නැත්නම් Grand Theeft Auto කිවුවම කොයි කවුරුත් දන්නවනෙ.
Rock Star කියන සමාගමට තමයි මේ ගේම් එකේ සම්පූර්ණ හිමිකාරීත්වය තියෙන්නෙ .
එවගෙම තමයි මේ GTA ගේම්ස් වල ප්රදානවශයෙන් සංස්කරණ රාශියක් නිකුත්කරල තියෙනව කියල ඔයා දැනටමත් දන්නව.
ඉතින් මම අද ඔයාලට අරගෙන ආවෙ ඒ සංස්කරණ වල මුලින්ම නිදහස්වූ gta 3 කියන සංස්කරණය ගැනයි.
අපි දැනටමත් දන්නව gta 3 , vise city , sanandras වල විවිදාකාර වෙනස්කම් සහිතව ගේම්ස් කිහිපයක් දැනටමත් තියෙනව කියල.
ඉතින් ,මේ කියන්න යන්නේ
සිංහල Games කළාවෙ සිදුකල තවත් එක් පෙරලියක් පිලිවදවයි. ඒ "gta 3 සිංහල" සංස්කරණය , එහෙමත් නැත්නම් " සිංහල GTA 3 " පිළිබඳවයි.
මොකක්ද මේ කියන්න තරම් තියෙන විශේශත්වය?
ඒ තමයි ඔයාට මතක ඇති 2015 වර්ශයේදී gta 3 සිංහල කියල සංස්කරණයක් අපෙ කොල්ලො සෙට් එකක් gta 3 සිංහලට හඩකවල තිවුන.
ඉතින් අද මම මේ කියන්න යන්නෙ ඒ ගැන නෙවෙයි. ඒ සිංහලට හඩකැවූ සංස්කරණයේ පැවති යම් යම් අඩුපාඩු සකස් කරමින් game එකෙහි sound වගෙම Graphic එකත් වෙනස් කරල තියෙන ' සිංහල GTA 3 ' ගැනයි.
My Computer Technologies (My Games)tm මගින් තමයි මෙම සංස්කරණය නිකුත්කරල තියෙන්නෙ .
සරවම කිවහොත් මෙහි පාරවල් , වාහන , ගොඩනැගිලි මෙන්ම තවත් බොහෝ වෙනස්කම් සිදුකරල තියෙනව.
ඉතින් මෙ අළුත්ම " සිංහල gta 3 " එකෙහි link එකක් නම් තවම නිදහස් කරල නැහැ.